බටහිර බෙංගාල මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිසා 5ක් නසී


ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මැතිවරණය ඉලක්ක කරමින් ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෙසේ වෙතත්, මෙම මරණ සංඛ්‍යාව 10 ඉක්මවන බව නිල නොලත් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවූ අක්‍රමිකතා මෙන්ම, පහරදීම් රැසක් වාර්තා වන බවද එම මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.

බටහිර බෙංගාලයේ ට්‍රිනාමූල් කොංග්‍රස් පක්ෂය මෙම ප්‍රචණ්ඩක්‍රියා පසුපස සිටින බවට පාලක භාරතීය ජනතා පක්ෂය චෝදනා නඟයි.

කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන එම පක්ෂය පවසන්නේ මෙය අතිශෝක්තියෙන් පවසන්නක් බවයි.

සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට මැතිවරණය සාධාරණ ලෙස පැවැත්වෙන බව ඔවුන්ගේ මතය වී තිබේ.

නමුත්, මෑත ඉතිහාසයේ ප්‍රාන්තය තුළ පැවති අතිශය ප්‍රචණ්ඩකාරීම මැතිවරණය මෙය බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

1_Bengoal



Recommended Articles