බටහිර ඉස්ලාම්කරණයට එරෙහි විරෝධතා


බටහිර සමාජය ඉස්ලාම්කරණය වීමට එරෙහිව නැගෙනහිර ජර්මනියේ ඩෙස්ඩෙන් නගරයේදී 10,000කට අධික ජනතා සහභාගීත්වයකින් දැවැන්ත රැලියක් පවත්වා තිබේ.

බටහිර සමාජය ඉස්ලාම්කරණය වීමට එරෙහි යුරෝපීය දේශප්‍රේමීන්ගේ ව්‍යාපාරයේ උපන් බිම ලෙසත් මෙම රැලිය පැවති ඩෙස්ඩෙන් නගරය සැලකෙයි.

කෙසේ වෙතත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් අනතුරු අඟවා සිටියේ අන්තවාදයට නොයන ලෙසයි.

ජර්මනිය තුළ ඕනෑම රැලියක් පැවැත්වීමට නිදහස තිබෙනවා. නමුත් අන්තවාදයට මේ රට තුළ ඉඩක් නැහැ යැයි ඇය පැවසුවාය.

මෙම රැලියට සහභාගි වූ විශ්‍රාමිකයෙකු පවසා සිටියේ තමන් ඉතා සුළු විශ්‍රාම වැටුපක් ලැබුවත්, ඉන් කොටසක් පවා තම රටට පැමිණි සරණාගතයන් වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇති බවයි.

තවත් විශ්‍රාමික කාන්තාවක් පවසා සිටියේ තමන් නාසියෙකු හෝ අන්තවාදියෙකු නොවන බවයි. නමුත්, මා දුක් වන්නේ තම රට හා මුණුපුරු මිණිපිරියන් ගැන බවයි.



Recommended Articles