බටහිර අප්‍රිකාවෙන් පිටත ඉබෝලා වෛරසය පැතිරුණු ප්‍රථම අවස්ථාව ලෙස ස්පාඤ්ඤ හෙදියකට ඉබෝලා වැළඳීමත් සමග මැඩ්රීඩ් නුවර රෝහලේ පරීක්ෂණ පුළුල් කර ඇති බව වාර්තා වෙයි.
මෙම කලාපයේදී ඉබෝලා වැළඳී නැවත සිය රට පැමිණ ප්‍රතිකාර ලැබූ ස්පාඤ්ඥ ජාතිකයන් දෙදෙනෙකුට ප්‍රතිකාර කළ හෙදියක් ලෙස මෙම තැනැත්තිය හඳුනාගෙන තිබේ.
මේ අතර, මෙම හෙදියගේ ස්වාමි පුරුෂයා ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකුටද රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව එරටින් වාර්තා වෙයි.
මෙහිදී, අදාළ හෙදියට රෝගය ආසාදනය වූයේ කවරාකාරයෙන්ද යන්න ගැන යුරෝපා කොමිසම ස්පාඤ්ඤයෙන් ප්‍රශ්න කර ඇති බවද දැන ගන්නට තිබේ.
ඉබෝලා හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 3,400ක් පමණ සිදුව ඇති අතර, ඉන් බහුතරය බටහිර අප්‍රිකාවෙන් වාර්තා වෙයි.