බංග්ලාදේශ වැසියන් වහලුන් ලෙස තායිලන්තයට විකුණලා


වහල් සේවයේ යොදාගැනීම සඳහා බෝට්ටු මගින් තායිලන්තය වෙත රැගෙන විත් තිබූ බංග්ලාදේශ ජාතිකයන් පිරිසක් එරට වනාන්තරයක් තුළ සිටියදී සොයාගත් බව බී.බී.සී.ය පවසයි.

වැඩි පඩි සහිත රැකියාවන් සඳහා යොදාගන්නා බව පවසමින් මොවුන් බංග්ලාදේශයෙන් රැගෙන විත් ඇති අතර, පසුව, තායිලන්තයේදී අත්පා ගැටගසා වනාන්තර තුළ රඳවා වහලුන් ලෙස අලෙවි කර ඇති බව කියැවෙයි.

තායිලන්ත රජය පවසන්නේ මෙම වහල් වෙළෙඳාම නැවැත්වීම සඳහා ඔවුන් දැඩි පරිශ්‍රමයක් ගන්නා බවයි.

එරට ආරක්ෂක විසින් සිදුකළ වැටලීමකදී මෙසේ වනාන්තරයක් තුළ සිටි බංග්ලාදේශ ජාතිකයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දැනට රඳවා තබාගෙන සිටින අතර, බොහෝ දෙනෙකු රෝගී තත්ත්වයෙන් පසුවන බවද කියැවෙයි.



Recommended Articles