බංග්ලාදේශයේ, චිතගොන් නගරයේ හිටපු නගරාධිපතිවරයාගේ අවමංගල උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් ඊට සහභාගී වූ පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබේ.
හිටපු නගරාධිපති මොහොයුදීන් චෞවුද්‍රිගේ අවමංගල උත්සවයට සහභාගී වූවන්ට නොමිලේ ලබාදෙන ආහාර පැකට්ටු ලබාගැනීමට ගොස් ඇති වූ තෙරපීමක් මෙම මරණවලට හේතුව බව කියැවෙයි.
කෙසේ වෙතත්, සිද්ධියෙන් තවත් පුද්ගලයන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූවන් අතරින් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
හිටපු නගරාධිපතිවරයා වසර 16ක කාලයක් නගරයේ නගරාධිපති ලෙස කටයුතු කළ අතර, ඔහු අවුරුදු 73ක් ආයු වළඳා සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.