බංග්ලාදේශ මහචාර්යවරයා ඉස්ලාම් අන්තවාදයට බිලි


බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

නිදහස් මතධාරියෙකු වූ රසාවුල් කරීම් සිද්ධීක් නමැති ඔහු රාජ්ෂාහී විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙකු බව කියැවෙයි.

යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු මෙම මහාචාර්යවරයා ගෙල සිඳ ඝාතනය කර තිබූ බවත්, මීට පෙර එරට නිදහස් මතධාරීන් වෙත එල්ල වූ ප්‍රහාර සමග මෙය ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාරයක් බව පැවසිය හැකි බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

මුස්ලිම් බහුතරයක් වෙසෙන බංග්ලාදේශයේ පසුගිය වසර කිහිපය පුරාම සුළුතර ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වූ බව රොයිටර් පුවත් සේවය පවසයි.



Recommended Articles