බංග්ලාදේශ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීමේ මෙහෙයුම්වලදී මේ දක්වා 70ක් ජීවිතක්ෂයට


බංග්ලාදේශ රජය විසින් ආරම්භ කර තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීමේ මෙහෙයුම් හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 70කට වැඩි පිරිසක් ආරක්ෂක අංශ අතින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බලධාරීන් පවසන්නේ ඩකා අගනුවර විශාල පරිමාණ මෙහෙයුම් දියත් වෙමින් පවතින බවයි.

පසුගිය සෙනසුරාදා සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු පිරිස නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් බවද ආරක්ෂක අංශ පවසයි.

විශේෂයෙන්ම මොවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී පොලීසිය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිදුවන වෙඩි හුවමාරුවලදී මෙම මරණ සිදුවන බව බලධාරීන් පවසා තිබේ.

නමුත්, ක්‍රියාධරයන් පවසන්නේ පිලිපීන ජනපති රොඩ්‍රිගෝ දුතේර්තේ අනුගමනය කරමින් ඒ ආකාරයේ දැඩි මත්ද්‍රව්‍ය නිවාරණයක් බංග්ලදේශය තුළ ක්‍රියාත්මක වන බවයි.

බංග්ලාදේ පොලීසිය සහ ක්ෂණික විහිදුම් බලකාය එක්ව ආරම්භ කර ඇති මෙම මෙහෙයුම්වලදී මේ දක්වා පුද්ගලයන් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇතැම් පිරිස් අධිකරණය හමුවේ දඩ මුදල් ගෙවා නිදහස ලබා තිබේ.

බංග්ලාදේශය තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය හා මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ අරමුණින් අගමැතිනී ෂෙයික් හසීනා විසින් මෙම දැවැන්ත මෙහෙයුම අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.

1_Bangladesh 2



Recommended Articles