බංග්ලාදේශ ආගමික උත්සවයක තෙරපීමකින් 10ක් ජීවිතක්ෂයට


බංග්ලාදේශයේ හින්දු බැතිමතුන් 10 දෙනෙකු තෙරපීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට නාරායන්ගන්ජ් ශුද්ධ වූ නගරයෙන් වාර්තා වෙයි.

පළාතේ පොලිස් නිලධාරීන් පෙන්වා දෙන පරිදි අති විශාල පිරිසක් හින්දු ආගමික පූජා උත්සවය අවස්ථාවේ පූජනීය ස්නානයට සූදානම් වනවිට මෙම තෙරපීම සිදුව තිබේ.

සිදුවීම අවස්ථාවේදී කලබලයක් ඇති වීමට හේතුවසොයා ගැනීමට නොහැකි වුවත්, ප්‍රමාණය ඉක්ම වූ වන්දනාකරුවන් පිරිසක් එකම ස්ථානයක රැඳී සිටීමෙන් මෙම තෙරපීම සිදුවන්නට ඇති බවත් පොලීසිය කියයි.



Recommended Articles