පෝලන්තය ජනාධිපතිවරණය පැවැත්වේ


පෝලන්තය වෙනුවෙන් නව නායකයෙකු පත්කර ගැනීම සඳහා වූ ජනාධිපතිවරණය ඉතා උණුසුම් අයුරින් පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, මෙවර මැතිවරණයෙන්ද එරට වත්මන් නායක බ්‍රෝනිස්ලෝ කොමොරොව්ස්කි නැවතත් බලයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

මූලික මත විමසුම්වලදී ඔහු ඉදිරියෙන් සිටියත්, කිසිදු නායකයෙකු 50% ක ප්‍රතිශතයක් ඉක්ම නොවනු ඇති බවද පැවසුණි.

මීට වසර පහකට පෙර ගුවන් අනතුරක් හේතුවෙන් ලේෂ්  කස්යාන්සිකි ජීවිතක්ෂයට පත්වීමෙන් පෝලන්තයේ බලයට පත් කොමොරොව්ස්කි 62 වැනි වියෙහි පසුවෙයි.

පෝලන්ත ජනාධිපතිවරයාගේ බලතල සීමා වුවත්, එම ධුරය ආරක්ෂක හමුදාවන්ගේ නායකයා මෙන්ම, නව නීති පැනවීම සම්බන්ධයෙන් නිෂේධ බලයක්ද හිමි ධුරයක් වෙයි.



Recommended Articles