පොලිස් නිලධාරිනිය ප්‍රථම දින රාජකාරියේදීම අවසන් ගමනේ


ඇමෙරිකානු පොලිස් නිළධාරිනියක් තම සේවයේ දිවුරුම් දුන් දිනට පසුදින, එනම් සේවයට වාර්තා කළ ප්‍රථම දිනයේදීම වෙඩි වැදී ඝාතනයට ලක්ව තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසක ආරවුලක් විසඳීමට ගිය අවස්ථාවේදී එම හමුදා නිලධාරියා සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර පසුව, පොලිස් නිලධාරිනියන් දෙසටද වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් මියගිය 28 හැවිරිදි ගුයින්ඩොන් නමැති පොලිස් නිලධාරිනිය හිටපු හමුදා සාමාජිකාවකද වන අතර, ඇය පසුව සිය හමුදා ජීවිතයෙන් සමුගෙන පොලිස් සේවයට ඇතුළු වී දිනක් තුළ මෙම අවාසනාවන්ත ඉරණමට පත්ව තිබේ.



Recommended Articles