පේරු ජනාධිපතිවරණ සටනේ පේඩ්‍රෝ පැබ්ලෝ ඉදිරියෙන්


පේරු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම් අනුව ආර්ථික විශේෂඥ පේඩ්‍රෝ පැබ්ලෝ කුසින්ස්කි බහුතර ඡන්දයෙන් තේරීපත් වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

පේරු මැතිවරණ කොමිසම පවසන්නේ පැබ්ලෝ 50.12% ක ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී, ඔහුගේ ප්‍රතිවාදියා වූ කෙයිකෝ ෆුජිමොරි 49.88% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බවයි.

කෙසේ වෙතත්, නිල වශයෙන් ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීමට පෙර ඡන්ද පත්‍රිකා 50,000ක් පමණ ඇති වූ දෝෂ නිරාකරණය කරගත යුතුව ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.



Recommended Articles