පෙළපාළි යමින් යුක්රේනය සිය හමුදා බලය පෙන්වයි


නැගෙනහිර යුක්රේනයේ ගැටුම් උත්සන්ව පැවතියද තම නිදහස් දිනය සමරමින් යුක්රේනයේ කියෙව් නුවර දැවැන්ත හමුදා පෙළපාළියක් පැවැත්විණි.

හමුදා සාමාජිකයන් දහස් ගණින් මෙහි පෙළපාළියේ ගමන් කළ අතර, යුද ටැංකි හා යුද හමුදා රථ රැසක්ද පෙළපාළියට එකතු කර තිබුණි.

කෙසේ වෙතත් යුක්රේනය යුද්ධයකට මැදිව සිටින මේ මොහොතේ මෙවැනි පෙළපාළියක් පැවැත්වීම සම්බන්ධයෙන් විවේචනද එල්ල වී ඇති බව පැවසෙයි.

මේ අතර, ඩොනෙට්ස්ක් හි දැවැන්ත සටනක නිරත කැරලිකරුවන් විසින් අත්අඩංගුවට ගත් යුක්රේන හමුදා සාමාජිකයන් පෙන්වමින් කියා සිටින්නේ ඔවුන් තම උපරිම ශක්තියෙන් නගරය ආරක්ෂා කර ගන්නා බවයි.

කෙසේ වෙතත්, නැගෙනහිර යුක්රේනයේ මාස හතරක පමණ කාලයක සිට සිදුවන ගැටුම්වලින් මේ වනවිට ජීවිත හානි 2,000කට වඩා සිදුව තිබේ.

එමෙන්ම, පුද්ගලයන් 330,000කට වැඩි පිරිසකට වාසස්ථාන අහිමිව ඇත.



Recommended Articles