බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ අතගන්නා ඇය උසස් පාසලේදී එනම් 1997 වසරේදී නව යෞවනියක් ලෙස මුලින්ම ප්‍රේමයක පැටලෙන විට ඇගේ වයස අවුරුදු 16කි.
එදා ඇගේ සිහින කුමරා වන්නේ උසස් පාසලේ ඇය සමග උගත් ලුයිස් සෙගූරාය. ඒ ප්‍රේම වෘත්තාන්තයට වැඩි ආයුෂයක් නොතිබුණත්, ඇය ලෝක ප්‍රකට රංගන ශිල්පිනියක මෙන්ම, නිරූපිකාවක බවට පත්වන විට ඇගේ ප්‍රේමවන්තයන් වූ පිරිස බොහෝය.
විශේෂයෙන්ම චිත්‍රපට නිෂ්පාදක ටෙවෝ එන්ගල්සන් 2011 වසරේදී ඇගේ ප්‍රේමවන්තයා බවට පත්ව, පසුව ඇගේ ස්වාමියා බවටද පත්වන්නේය.
නමුත්, 2013 වසරේදී, එවකට 32 වැනි වියෙහි පසුවන ඇය, ට්‍රෙවෝගෙන් දික්කසාදය ලබාගනිද්දී, 2014 වසරේදී ඇගේ ප්‍රේමවන්තයා බවට පත්වන්නේ කැනේඩියානු ජාතික සූපවේදියෙකු වූ කොරී විටිඑලෝ ය.
2015 යනු ඇගේ දිවියේ වඩාත් ප්‍රබල වසරක් වන අතර, ඒ වනවිට ඇය වඩාත් සාර්ථක නිරූපන ශිල්පිනයක මෙන්ම, රංගන ශිල්පිනියක ලෙසද කලඑළි බැස ඇත.
ලොව පුරා විවිධ සඟරා ඇතුළු මාධ්‍යයේ ප්‍රධාන ඡායාරූපයට ඇගේ ඡායාරූපයක් නොමැති අවස්ථා නැති තරම් ය.
නමුත්, මේ සුරූපී රංගන ශිල්පිනියගේ දෛවය මෙන්ම, බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ වඩාත් දඟකාර ප්‍රේමවන්තයාගේ දෛවයද වෙනස් කරන හමුවීම සිදුවන්නේ 2016 වසරේදීය.
ඒ කැනඩාවේ ටොරන්ටෝ නගරයේ අවන්හලකදී බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇය මුලින්ම හමුවූ අවස්ථාවය.
ඔවුන් මුලින්ම ප්‍රසිද්ධියේ එකට පෙනීසිටි අවස්ථාවද ටොරන්ටෝ හිදී 2017 දී ප්‍රකට වනවිට මේ ප්‍රේම් වෘතාත්නතය ලොවින් වසන් කිරීම අපහසු විය.
අද (19දා) තවත් පැය කිහිපයකින් වින්ඩ්සර් මාලිගයේ සෙන්ට් ජෝර්ජ්ස් දේවස්ථානයේදී හැරීගේ අතගනිමින් බ්‍රිතාන්‍ය රජ පවුලේ රාජ කුමාරිකාවක් වීමේ වරම් ලබන ඇය, මේගන් මර්කල් ය.