අඟහරු ග්‍රහයා මත ජීවය සෙවීමේ සාක්ෂි සෙවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ මඟ පෙන්වමින් පෘථිවියේ ළාබාලතම දූපත මේ වනවිට නිර්මාණය වෙමින් පවතී.
හුන්ගා ටොංගා හුන්ගා හාපයි ලෙස හැඳින්වෙන මෙම දූපත ගිනිකඳු පිපිරීමෙන් ඇති වූ යමහල් අළු සමග සාගරයෙන් මතුවූයේ 2015 වසරේදීය.
එතැන් සිට මෙම දූපත සාගර තරංගවලට හසුවෙමින් එහි හැඩය වෙනස් වෙමින් අලුත්ම දූපතක් ක්‍රමයෙන් සැකසෙමින් ඇති අතර, ඉතා සෙමෙන් සිදුවන මෙම වෙනස්කම් වඩාත් සියුම් ලෙස නිරීක්ෂණයට භාජනය කිරීමට විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.
එහිදී, අඟහරු ග්‍රහයා මත ජලය ඇසුරින් බිහිවූ දූපත් රැසක් මෙවැනි ආකාරයේ ශේෂයන් ඇති බවද එම විද්‍යාඥයෝ විශ්වාස කරති. යම් ලෙසකින් එය සැබෑවක් නම් අඟහරු මත ජීවය පිළිබඳ යම් අදහසකට පැමිණීමට හැකිවන බවත් ඔවුහු කියති. මන්දයත්, පෘථිවිය මතදී මෙවැනි ක්‍රියාකාරීත්වයක් හමුවන ඕනෑම තැනක ක්ෂුද්‍ර ජීවයට පරිසරය සකසන තත්ත්ව නිතර හමුවීම ඊට හේතුවක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
නිරිතදිග පැසිෆික් සාගරයේ ටොංගා දූපත් සමූහය අතර සාගරයේ ගිලී ඇති කිලෝමීටර 1.3 ක උසින් යුතු හුන්ගා යමහලෙන් මෙම දූපත ගොඩනැගී තිබුණි.