රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් විසින් නිදහස් කරන ලද සර්බියානු ව්‍යාඝ්‍රයෙකු දේශසීමා තරණය කොට රුසියාවට වෙතට ඇතුළු වී ඇති බව බලධාරීහු පවසති.
වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ සත්වයෙකු ලෙස සැලකෙන මෙම සර්බියානු ව්‍යාඝ්‍රයා කුස්යා යන නමින් හඳුන්වා තිබුණු අතර, පූටින් පසුගිය මැයි මාසයේදී වනාන්තරයට නිදහස් කළ එවැනි ව්‍යාඝ්‍රයන් තිදෙනාගෙන් එකෙකු ලෙස මෙම සත්වයා සැලකෙයි.
එරට වනසංරක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාඝ්‍රයා ආහාර සොයා නැගෙනහිර සර්බියාව පසුකර මේ වනවිට චීනයට ඇතුළු වී ඇති බවයි.
මෙම ව්‍යාඝ්‍රයා වනාන්තරයට නිදහස් කරන විට එම සතාගේ ශරීරයේ ඉලෙක්ට්‍රොනික සංඥා පරිපථයක් එල්ලා තිබූ බැවින්, ඌ සිටින ස්ථානය නිශ්චය කරගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ අරඹා ඇති බවද වාර්තා වෙයි.