පූටින් උඩුකය නිරුවත්ව යළිත් හැකියාව පෙන්වයි


රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව යළිත් ප්‍රකට කරන වීඩියෝවක් ක්‍රෙම්ලීනය විසින් පසුගියදා මාධ්‍යයට නිකුත් කර තිබුණි.

ඒ වත්මන් රුසියානු නායකයා ඕතඩොක්ස් කිතුණු ආගමික වතාවත්වලට ජෝර්දාන ගංගාවේ ජේසුස් වහන්සේගේ භෞතීස්මවීම සිහිගන්වමින් අධි ශීතකරණයක් බඳු සීත වතුරේ උඩුකය නිරුවත්ව ප්‍රාදූර්භාවය අනුස්මරණය කිරීමට එක්ව සිටි නිසාය.

මෙය බොහෝ රුසියානුවන් විසින් සිදුකරන ආගමික චාරිත්‍රයක් වන අතර, මෙම අවස්ථාව ආවරණය කිරීමට රුසියානු මාධ්‍ය ආයතන රැසක් කටයුතු කරන ආකාරයද දැකිය හැකි විය.

අයිස් මිදී ඇති සේලිගර් වැවේ මෙම චාරිත්‍රය සිදුවූ අතර, රුසියානු ජනාධිපතිවරයා ක්‍රමයෙන් එම ජලයේ බැස යමින් කුරුසය සලකුණු කරමින් යළි ජලයෙන් උඩට පැමිණි ආකාරය දැකිය හැකි විය.

කෙසේ වෙතත්, රුසියානු නායකයා මේ ආකාරයෙන් උඩුකය නිරුවත්ව සිටි අවස්ථාවක් මාධ්‍ය වෙත නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි.

මීට පෙර රුසියානු ජනපති පූටින් මාළු ඇල්ලීමට ගොස් සිටි අවස්ථාවක්, අසු පිට ගමන් කළ අවස්ථාවක් ආදී වශයෙන් ඔහු උඩුකය නිරුවත්ව සිටි අවස්ථා කිහිපයක් ක්‍රෙම්ලීනය විසින් මාධ්‍යයට නිරාවරණය කරමින් සිය ජනාධිපතිවරයාගේ ශක්තිසම්පන්න ජීවන ශෛලිය පිළිබඳ ලොවට කියා පෑමට උත්සාහ කර තිබුණි.

31_Putin 24



Recommended Articles