පුතා ඝාතකයෙක් වීම ගැන පියා වගකීම ගනී


නෝර්වීජියානු සමූහ ඝාතක ඇන්ඩර්ස් බ්‍රෙයිවික්ගේ පියා තම පුතාගේ ක්‍රියාව ගැන තමාට වරදකාරී හැඟීමක් දැනෙන බවත්, ඒ සිදුවීමේ වගකීම තමාද සතු වන බවත් දක්වමින් විශේෂ කෘතියක් රචනා කර තිබේ.

නෝර්වේ රාජ්‍යයේ, මධ්‍යම ඔස්ලෝ හි බෝම්බ ප්‍රහාර එල්ල කරමින් හා පසුව ආසන්න දූපතක කඳවුරු බැඳ සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට වෙඩි තබමින් පුද්ගලයන් 77 දෙනෙකු බ්‍රෙයිවික් විසින් ඝාතනය කර තිබුණි.

My Fault? A Father's Story කෘතියේ දැක්වෙන පරිදි බ්‍රෙයිවික් කුඩා අවදියේදීම තමා හා බිරිඳ වෙන්වූ බවත්, ඉන් පසුව බ්‍රෙයිවික් ගැන සොයා බැලීමට තමාට වැඩි කාලයක් වෙන්කිරීමට නොහැකි වූ බවත් ඔහුගේ පියා සඳහන් කර තිබේ.

 



Recommended Articles