පුංචි ට්‍රිනාෂා නේපාලයේ ජීවමාන දෙවඟනක් වෙයි


නේපාලයේ ජීවමාන දෙවඟනක් ලෙස වයස අවුරුදු 3ක දැරියක පත්කරමින් ඇයව කත්මණ්ඩු නුවර පිහිටි දේවාලය වෙත රැගෙන යාම නේපාලයේ හින්දූන් විසින් සිදුකර තිබේ.

ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට අනුව කුමාරි යනුවෙන්ද හඳුන්වන මෙම ජීවමාන දෙවඟන සඳහා මෙවර කුඩා ගැහැණු දරුවන් 4 දෙනෙකු තරග කළ අතර, ඉන් මෙවර ජීවමාන දෙවඟන බවට පත්වූයේ ට්‍රිෂානා ශාක්‍යා නමැති දැරියයි.

ඇය වැඩිවියට පත්වන තුරු ඇයට දේවාලයේ ගත කිරීමට සිදුවන අතර, ඇයට එම දේවාලයෙන් පිටතට පැමිණීමට හැකිවන්නේ වසරකට 13 වරක් පමණි. ඒ දේවාලය ආශ්‍රිතව පැවැත්වෙන ආගමික උත්සවවලට සහභාගී වීම සඳහාය.

සිය දියණිය ලැබූ මෙම සුවිශේෂී පදවිය පිළිබඳ අදහස් දක්වමින් මෙම දැරියගේ පියා කියා සිටියේ තමන්ට විශාල සතුටක් මෙන්ම දුකක්ද ඇති බවයි. දියණිය කුමාරියක වීම තමන්ට මෙන්ම තම පවුලට ආඩම්බරයක් වුවත්, ඇය තම පවුලෙන් ඈත්වීම දරාගත නොහැකි බවද ඔහු කියා සිටියේය.

මෙම කුමාරි පදවිය සඳහා නොකැලැල් දැරියක තෝරාගත යුතු අතර, ඇයගේ පපුව සිංහයෙකුගේ මෙන්ද, කකුල් මුවෙකුගේ මෙන්ද පැවතිය යුතු බවද කියැවෙයි.

1_Godes



Recommended Articles