පිස්තෝල මානා සිටි ඔස්ට්‍රේලියානු දේශපාලඥයාට දොස්


පිස්තෝලයකින් ඉලක්කයක් ගන්නා ආකාරයේ ඡායාරූපයක් අන්තර්ජාලය තුළ මුදාහැරි ඔස්ට්‍රේලියානු දේශපාලඥයෙකු වෙත විවේචන එල්ල වෙමින් පවතී.

ඔස්ට්‍රේලියානු වත්මන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජෝර්ජ් ක්‍රයිස්ටන්සෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා මෙම ඡායාරූපය අන්තර්ජාලයට එක්කර ඇත.

ඔස්ට්‍රේලියාවේ හරිත පක්ෂය කියා සිටියේ කන්සර්වෙටිව් පක්ෂ මන්ත්‍රීවරයාගේ ඡායාරූපය ගර්හිත ඡායාරූපයක් බවයි.

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටි මොහොතක පළ වූ මෙම ඡායාරූපය ගැන ඔවුන් චෝදනා නඟා ඇත.

මේ අතර ඔස්ට්‍රේලියානු පොලීසිය පවසා සිටියේ ඔවුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

නමුත්, මන්ත්‍රීවරයා පවසන්නේ එය හුදු විහිළුවක් පමණක් බවය.

1_Ausi



Recommended Articles