පිලිපීන සාප්පු සංකීර්ණ ගින්නෙන් 37ක් මරුදකී


දකුණුදිග පිලිපීනයේ, ඩවාවෝ නගරයේ වෙළෙඳ සංකීර්ණයක් තුළ ඇති වූ ගින්නකින් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පිලිපීන වාර්තා පවසයි.

වෙළෙඳ සංකීර්ණයේ තෙවැනි මහලේ හටගත් ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන භටයන් පැය කිහිපයක් උත්සාහ කර ගෙන තිබූ අතර, ඒ වනවිටත් එහි ඉහළ මහල් වෙත වේගයෙන් ගින්න පැතිරී තිබේ.

ඩවාවෝ උප නගරාධිපති පඕලෝ ඩුටාර්ටේ පවසා සිටියේ ගින්නට හසුවී ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පුද්ගලයන් බේරාගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වනු ඇති බවයි.

උප නගරාධිපතිවරයාගේ පියා වන පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්ටේ සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණි අතර, ගින්නට හසුවූ අයගේ පවුල්වල සාමාජිකයන් සමග දුක බෙදාගැනීමටද හෙතෙම කටයුතු කළ බව පිලිපීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

1_Philipene 2



Recommended Articles