පිලිපීන මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලින් පොලීසිය ඉවත් කරලා


පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සිදුවන පොලිස් ප්‍රහාර නැවැත්වීම සඳහා පොලීසියට ලබාදී තිබූ බලතල අඩුකිරීමට ජනපති රොද්‍රිගෝ දුතාර්තේ කටයුතු කර තිබේ.

ඒ අනුව, ඉදිරියේදී මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලින් පොලීසිය ඉවත්වන අතර, ඒ වෙනුවට මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය කටයුතු කරනු ඇති බව කියැවෙයි.

පසුගිය වසරේදී දුතාර්තේ බලයට පත්වීමේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී සැකකරුවන් 3,850ක් පමණ මරාදැමුණු බව පොලීසිය කියයි.

දකුණු කොරියානු ව්‍යාපාරිකයෙකු එරට මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල නිරත පොලීසිය විසින් පැහැරගෙන ගොස් මරාදැමීමේ සිදුවීම මේ ආකාරයෙන් පොලීසිය එම තත්ත්වයෙන් බැහැර කිරීමට හේතු වී තිබේ.

1_Philipene



Recommended Articles