පිලිපීනයේ පහළ මන්ත්‍රී මණ්ඩලය එරට තුළ දික්කසාදය නීතිගත කිරීම සඳහා මග හෙළි පෙහෙළි කර තිබේ.
මෙම යෝජනාවට විරුද්ධ මතයක් පැවතියත් පහළ මන්ත්‍රී මණ්ඩලයේදී යෝජනාව සම්මතව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙය එරට තුළ නීතියක් ලෙස සම්මත වීමට නම් සෙනට් මණ්ඩලය තුළද දික්කසාද නීතිය සම්මත විය යුතු අතර, ඉන් අනතුරුව ජනපති ඩුටාර්ටේ විසින් ඊට අනුමැතිය ලබාදිය යුතුව ඇත.
ලෝකයේ දික්කසාදය නීතියෙන් තහනම් රාජ්‍යයන් දෙකක් පවතින අතර, පිලිපීනයද ඒ අතර වෙයි. දික්කසාදය නීතියෙන් තහනම් අනෙක් රාජ්‍යය වතිකානුවයි.
පිලිපීනයේ ජීවත්වන අයගෙන් 80%ක් කතෝලිකයන් වන අතර, රටේ සියලු ක්‍රියාකාරකම් සඳහා පල්ලියේ බලපෑම දැඩිව පවතින බව කියැවෙයි.