පිලිපීනයේ මින්දනාඕ දූපතේ යුද නීතිය තවත් දීර්ඝ කෙරේ


ඉස්ලාමීය මූලධර්මවාදීන්ට එරෙහිව මෙහෙයුම් දියත් කිරීමේ අරමුණින් පිලිපීනයේ මින්දනාඕ දූපතට පණවනු ලැබූ යුද නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

මෙම දූපතේ දකුණුදිග මරාවි නගරය අත්පත් කරගෙන සිටින ම්ලේච්ඡ ඉස්ලාමීය ජිහාඩ් සටන්කරුවන් පළවා හැරීම සඳහා පිලිපීන ජනපති දුතාර්තේ මෙම දැඩි තීරණය ගනු ලැබීය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාවට ඇතැම් අන්තවාදී මාධ්‍ය මෙන්ම, ඩොලර්වලින් යැපෙන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විවේචන එල්ල කළත්, බහුතර පිලිපීන මතය ජනාධිපතිවරයාට පවතින බව ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.

මෙය ආසියානු කලාපයේ  ඉස්ලාමීය ආක්‍රමණයේ වඩාත් ප්‍රබල අවස්ථාවක් ලෙස පෙන්වා දෙන අතර, මෙම ම්ලේච්ඡ ආක්‍රමණය ඇතැම් මූලධර්මවාදීන් හා ඔවුන් පෝෂණය කරන මාධ්‍ය විසින්ම කලාපයේ ස්වාධීනත්වය පතා සිදුකරන සටනක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහය කරන බවටද චෝදනා නැගෙයි.

මීට මාස දෙකකට පමණ පෙර පිලිපීනයේ මරාවි නගරය ආක්‍රමණයට පැමිණි මෙම ම්ලේච්ඡ ඉස්ලාමීය මූලධර්මවාදීන් ඉවක් බවක් නොමැතිව ප්‍රදේශයේ බලය තහවුරු කිරීමට උත්සාහ කිරීමේදී පිලිපීන රජය වහාම ක්‍රියාත්මක වෙමින් විශේෂ මෙහෙයුමක් ඇරඹීය.

ඒ අනුව, පසුගිය මැයි 23 වැනිදා සිට මින්දනාඕ දූපතට යුද නීතිය ක්‍රියාත්මක කිරීම ඇරඹුණු අතර, එය පසුගිය 22 වැනිදායින් අවසන් වීමත් සමග යළිත් එය ක්‍රියාත්මක කිරීමට එරට රජය කටයුතු කර තිබේ. ඒ අනුව, මෙවර දෙසැම්බර් 31 දා දක්වා එය දීර්ඝ කර තිබේ.

බහුතර කතෝලිකයන් පිරිසක් වෙසෙන පිලිපීනය තුළ ම්ලේච්ඡ ඉස්ලාම් මූලධර්මවාදය දළුලා වැඩෙමින් එරට මරාවි නගරයේ පොලිස් නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස ඝාතනය වනවිට ජනපති දුතාර්තේ අනතුරු අඟවා සිටියේ රට පුරාම යුද නීතිය ක්‍රියාත්මක කරන බවටය.

කෙසේ වෙතත්, ඉස්ලාමීය මූලධර්මවාදින් පාලනය කිරීම සඳහා මරාවි නගරයට පමණක් නොව, සමස්ත මින්දනාඕ දූපතම ආවරණය වන පරිදි යුද නීතිය ක්‍රියාත්මක කරමින් ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදය පිලිපීනයෙන් තුරන් කිරීමේ වෑයමක ජනාධිපතිවරයා ප්‍රමුඛ එරට රජය දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.



Recommended Articles