පිලිපීනයේ මැනිලා සංචාරක කලාපයක වෙඩි හුවමාරුවක්


පිලිපීනයේ මැනිලා අගනුවර සංචාරක කලාපයක් ආශ්‍රිතව වෙඩි හුවමාරුවක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ.

එරට වේලාවෙන් අලුයම 1.30 ට පමණ මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති අතර, මෙය සංචාරකයන් බහුලව ගැවසෙන ස්ථානයක් ලෙසද සැලකෙයි.

මෙහි එක් හෝටලයක සේවකයන් පවසා ඇත්තේ එහි දෙවැනි මහලේ තුවක්කුකරුවන් පිරිසක් විසින් එහි නවාතැන් ගෙන සිටින පිරිස් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බවයි.

රිසෝට්ස් වර්ල්ඩ් මැනිලා නැමති මෙම සංචාරක කලාපය මේ වනවිට වසා දමා ඇති බවත්, මෙම වෙඩි හුවමාරුවෙන් දැනටමත් පිරිසක් තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වන බවත් විදෙස් වාර්තා පවසයි.



Recommended Articles