පිලිපීනයේ නායයෑමක් නිසා 26ක් මරුට - 23ක් අතුරුදන්


නැගෙනහිර පිලිපීනයේ බිලිරාන් දූපතේ සිදුවූ නායයෑමකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 23 දෙනෙකු අතුරුදන්ව තිබේ.

උර්දුජා හෙවත් කායි-ටක් නිවර්තන සුළි කුණාටුව පසුගිය සෙනසුරාදා දිනයේදී මෙම ප්‍රදේශය වෙත දැඩි වර්ෂාපතනයක් ඇති කළ අතර, මේ තත්ත්වය සමග හදිසි ගංවතුර තත්ත්වයක්ද ඇති වී තිබුණි.

විදෙස් වාර්තා පවසා තිබුණේ මෝටර් රථ තරම් විශාල ගල් කුට්ටි කඳු මුදුන්වල සිට ජනාවාස පැවති ප්‍රදේශ වෙත පතිත වී ඇති බවයි.

මෙම සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 88,000ක් තම ගම්බිම් අත්හැර ආරක්ෂික ස්ථාන කරා යොමුව සිටි බවද සඳහන් වෙයි.

මෙම සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ පාලම්පාරු සේවාවන්ද සම්පූර්ණයෙන් අඩාල වී ඇති අතර, මේ නිසා 15,000ක පමණ මගීන් පිරිසක් තොටුපොළවල් ආශ්‍රිතව කොටුවී සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

21_Ohilipine



Recommended Articles