බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ස්වාමියා වන එඩින්බරෝ ආධිපාදවරයා මෙම සරත් සෘතුවේ සිට සිය රාජකීය රාජකාරීවලින් ඉවත්වන බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
පිලිප් කුමරු විසින්ම මෙම විශ්‍රාම ගැනීමේ තීරණය ගෙන ඇති අතර, මහ රැජිනද කුමරුගේ තීරණය පිළිගෙන ඇති බව එහි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබේ.
ලබන මාසයේදී 96 වැනි වියට පා තබන පිලිප් කුමරු මීට පෙර තමන් විසින් භාරගත් වැඩසටහන්වලට පමණක් සහභාගී වනු ඇති බවද සඳහන් වේ.
බ්‍රිතාන්‍ය මහ රැජින හා වසර 65ක පමණ කාලයක් ඔහු රාජකීය කටයුතු සඳහා එක්ව ඇති අතර, 91 වැනි වියේ පසුවන දෙවැනි එළිසබත් රැජිනද මේ වනවිට ක්‍රමයෙන් ප්‍රසිද්ධ උත්සව සඳහා එක්වීම අඩුකර ඇත.
එඩිම්බරෝ ආදිපාදවරයා ලෙසින්ද හඳුන්වන පිලිප් කුමරු, අගෝස්තු මාසය දක්වා තමන් භාරගෙන ඇති උත්සව සඳහා එක්වීමට නියමිතය. සැප්තැම්බර් මාසයේ පටන් ඔහු ප්‍රසිද්ධ උත්සව සඳහා එක් නොවෙනු ඇති බවද මාලිගයේ ප්‍රකාශකයා මාධ්‍ය වෙත පවසා තිබේ.
පිලිප් කුමරාගේ හා එළිසබෙත් රැජනගේ 70 වැනි විවාහ සංවත්සරය එළඹෙන නොවැම්බර් මාසයේදී සැමරීමට නියමිතය.