IS ඉස්ලාමීය අන්තවාදීන්ගේ බලයේ පවතින පැල්මයිරා ඓතිහාසික නගරයේ හඳුනාගත් ඉලක්ක වෙත සිරියානු රජයේ ගුවන් හමුදා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙහිදී ගුවන් ප්‍රහාර 25ක් පමණ එල්ල කර ඇති බවත්, සිද්ධියෙන් පුද්ගලයන් 26 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවත් කියැවෙයි.
යුනෙස්කෝ ලෝක උරුමයක් වූ පැල්මයිරා නගරය පසුගිය මැයි මාසයේදී ඉස්ලාම් අන්තවාදීන් අතට පත්විය.
මේ අතර, ඉඩ්ලිබ් ප්‍රදේශය වෙතද ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදීද පුද්ගලයන් 17 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් වාර්තා පවසයි.
රුසියාව විසින් සපයන ලද ප්‍රබල ප්‍රහාරක යානා යොදාගනිමින් සිරියානු රජයේ හමුදා ප්‍රහාර දියත් කර ඇති බවද වාර්තා වෙයි.