දකුණුදිග ප්‍රංශයේ, පර්පිග්නැන් ආසන්නයේදී දුම්රියක් හා පාසල් බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් දරුවන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් පාසල් බස් රථයේ ගමන් කළ තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් වාර්තා පවසයි.
මෙම බස් රථයේ ගමන් කර ඇති පාසල් දරුවන් වයස අවුරුදු 11 සහ 15 අතර වයසේ පසුවූවන් බව කියැවෙයි.
පැරීසියට දකුණු දිගින් කිලෝමීටර් 850ක් පමණ ඔබ්බෙහි පිහිටි පර්පිග්නැන් නගරය ආසන්නයේ සිදුවූ මෙම අනතුර අතිශය මාරාන්තික අනතුරක් බව ප්‍රවාහන අමාත්‍ය එල්සබෙත් බ්‍රෝන් පවසයි.
දුම්රියේ ගමන් කළ සිද්ධිය ඇසින් දුටුවෙකුද පවසා තිබුණේ එය බිහිසුණු අනතුරක් බවයි. එමෙන්ම, අනතුර දුම්රිය පිලිපැනීමක් හේතුවෙන් සිදුවන්නට ඇති බවද විශ්වාස කෙරෙයි.