ප්‍රංශයේ මධ්‍යම පැරිස් නගරයේදී IS ජිහාඩ් ත්‍රස්තවාදියෙකු එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
ඔපෙරා දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ප්‍රහාරකයා අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දෙමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
කෙසේ වෙතත්, පසුව පොලීසිය විසින් එල්ල කරනලද වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, මෙම ප්‍රහාරය තම සටන්කාමියෙකු විසින් සිදුකළ බව පසුව IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කර තිබුණි.
මෙම ප්‍රහාරය සිදුව තිබුණේ පැරීසියේ රාත්‍රී ජනතාව වැඩිපුර ගැවසෙන ප්‍රදේශයක වන අතර, ප්‍රහාරයත් සමග එහි සිටි පුද්ගලයන් තම ආරක්ෂාව පතා හිස් ලූ ලූ අත දිවගොස් ඇති බවද සඳහන් වෙයි.