දේශගුණික විපර්යාස සම්බන්ධ පැරිස් සම්මුතියෙන් ඇමෙරිකානු පියවර පසුපසට ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළත්, ඉදිරියේදී යම් වෙනසක් සිදුවිය හැකි බවට ඔහු ඉඟි කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙවැනි සුබදායක බලාපොරොත්තුවක් ලබාදී ඇත්තේ පැරීසියේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් හමුවූ අවස්ථාවේදීය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා පැරිස් සම්මුතියෙන් ඉවත්වීමේ ඔහුගේ තීරණයට තමා ගරු කරන නමුත්, ප්‍රංශය තවදුරටත් ඇමෙරිකාව ඒ වෙත නැඹුරු කරගැනීමේ ප්‍රයත්නයක කටයුතු කරන බව මැක්රෝන් පවසා තිබේ.
"දේශගුණය මත අපේ වෙනස්කම් අපට හඳුනාගැනීමට පුළුවන්. ඒ නිසා ඒ වෙනුවෙන් ඉදිරියට කටයුතු කිරීම අතිශය වැදගත්" යැයි ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මැක්රෝන් සමග එම අවස්ථාවට සහභාගී වී සිටි ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉඟි කරනු ලැබුවේ ඇමෙරිකානු ස්ථාවරයේ යම් වෙනසක් සිදුවිය හැකි බවයි.
කෙසේ වෙතත්, එය කුමක්ද යන්න තහවුරු කිරීම ට්‍රම්ප් එම අවස්ථාවේදී කටයුතු කළේය.
"පැරිස් සම්මුතියට ගෞරව කරමින් යමක් ඉදිරියේදී සිදුවේවි" යැයි ට්‍රම්ප් පැවසීය.
"මොකද වෙන්නෙ කියල අපි බලමු"
ඇමෙරිකානු ජනාධිපතිවරයා පැරීසියේ දින දෙකක සංචාරයක් අරඹා ඇති අතර, මෙම සංචාරයට ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ද සම්බන්ධ වී සිටියි.