ගෝලීය සමස්ත කාබන් විමෝචනය කෙරෙහි 40%ක් වගකිව යුතු ඇමෙරිකාව හා චීනය විසින් පැරිස් සම්මුතිය වෙත එකඟත්වය පළ කර තිබේ.
G20 රාජ්‍ය නායක සමුළුව සඳහා හැන්ග්සෝ නගරය වෙත පැමිණ ඇති ඇමෙරිකානු නායක බරැක් ඔබාමා පවසා තිබුණේ, අද ඔවුන් ගන්නා වූ උත්සාහයේ වැදගත්කම ඉතිහාසය විසින් තීරණය කරනු ඇති බවයි.
ගෝලීය කාලගුණ විපර්යාස කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනයයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී ලෝකයේ රාජ්‍යයන් එකඟත්වයකට පැමිණියේ සෙල්සියස් අංශක 2කට අඩුවෙන් ගෝලීය උෂ්ණත්වයේ සාමාන්‍යයක් පවත්වා ගැනීම සඳහාය.
ගෝලීය කාලගුණ විපර්යාස කෙරෙහි වඩාත් තීරණාත්මක එකඟත්වයක් ලෙස පැරිස් සම්මුතිය සැලකෙයි. එය බලාත්මක තත්ත්වයට පත්වන්නේ අඩුම තරමින් රාජ්‍යයන් 55ක්, එනම්, ගෝලීය කාබන් විමෝචනයෙන් 55% කට වඩා වැඩියෙන් දායකත්වය දක්වන රාජ්‍යයන් ප්‍රමාණයක් ඊට අනුකූල වූ විටය.
මේ අතර, චීන ජාතික කොංග්‍රසයද පැරිස් සම්මුතිය කෙරෙහි ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බැවින් ඉදිරියේදී මෙම සම්මුතිය බලාත්මක කිරීම වඩාත් පහසු වනු ඇති බවත්, එය ගෝලීය කාලගුණ විපර්යාස පිටුදැකීමට තබන යෝධ පියවරක් විය හැකි බවත් විදෙස් වාර්තා පවසයි.