පැරිස් බැටක්ලැන් ප්‍රහාරයේ තෙවැනි සැකකරු හඳුනා ගැනේ


ප්‍රංශයේ පැරිස් නුවර, බැටක්ලැන් ශාලාවට එල්ල කළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයේ තෙවැනි සැකකරු ප්‍රංශ පොලීසිය විසින් හඳුනාගෙන ඇති බව අගමැති මැනුවෙල් වෝල්ස් පවසයි.

ප්‍රංශ අගමැතිවරයා ඔහුගේ නම සඳහන් නොකළත්, මෙම පුද්ගලයා 23 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු වන ෆවුඩ් මොහොමඩ් අගාඩ් ලෙස වාර්තාවල සඳහන් වෙයි.

මීට මාසයකට පමණ පෙර එල්ල වූ ප්‍රහාරයේදී බැටක්ලැන් හි පමණක් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

ඒ සඳහා ප්‍රහාරයකන් තිදෙනෙකු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවලින් සැරසී පැමිණ සිටි අතර, ඔවුන් තිදෙනාම ප්‍රංශ පුරවැසියන් බව මේ වනවිට සනාථ වී තිබේ.

පුද්ගලයන් 130 දෙනෙකුට මරු කැඳවූ මෙම ප්‍රහාරයට සම්බන්ධ සෙසු සැකකරුවන් ප්‍රංශයේ හා බෙල්ජියමේ පුරවැසිභාවය ලැබූ අන්තවාදීන් බවද මේ වනවිට හඳුනාගෙන තිබේ.



Recommended Articles