ප්‍රංශයේ පැරිස් නුවර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් පිරිසක් ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාරතා පවසයි.
ඉරාකයේ හා සිරියාවේදී මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, මෙම ප්‍රහාරවලින් ඉස්ලාම් රාජ්‍යයේ ප්‍රබල සටන්කාමීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
මියගිය අය අතර සිටින චරේෆ් අල්-මවුඩාන් නැමැත්තා පැරිස් ප්‍රහාරයේ මහ මොළකරුවා ලෙස සැලකෙන අබ්දෙල්හමීඩ් අබාවුඩ් සමග සමීපව සම්බන්ධව සිටි අයෙකි.
පැරිස් ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව පැරිස් නුවරට ආසන්න ස්ථානයකදී පොලිස් වෙඩි පහරින් අබාවුඩ් ජීවිතක්ෂයට පත්විය.