(VIDEO) අඩි 25000ක් ඉහළ අහසේ සිට පැරෂූටයක් නොමැතිව දැලක් මතට පතිත වී ලෝක වාර්තාවක් තැබීමට ඇමෙරිකානු ජාතික ලූක් එයිකින්ස් සමත්ව තිබේ.
පැරෂුම් පිමි 18,000කට වඩා ඉක්මවා වාර්තා කර ඇති එයිකින්ස් අඩි 100 බැගින් වූ දැලක් මතට මෙම මාරාන්තික කරණම පැන ඇත්තේ දකුණුදිග කැලිෆෝනියාවේ, සිමී නිම්නයේදීය.
විනාඩි දෙකක කාලයකදී ඔහු පොළොව මතට පැමිණෙන ඒ ඇඟ ලොමුදැහැගැන්වෙන සිදුවීම ෆොක්ස් නාලිකාව තුළින් සජීවීව විකාශය කර ඇති අතර, 42 වැනි වියේ පසුවන එයිගිනිස් පැයට කිලෝමීටර් 193ක වේගයෙන් පොළොව වෙත පැමිණ තිබේ.