පැරණිතම මුහුදු කැස්බෑ පොසිලයක් හමුවේ


වසර මිලියන 120ක් පැරණි කැස්බෑ පොසිලයක් කොලොම්බියාවෙන් හමුවීමත් සමග මෙය ලොව පැරණිම මුහුදු කැස්බෑ පොසිලය වනු ඇති බව විශ්වාස කෙරෙයි.

විද්‍යාඥයන් පෙන්වාදෙන පරිදි, ක්‍රිටේෂීය යුගයට අයත් යැයි විශ්වාස කෙරෙන මෙකී සත්ත්වයාගේ පොසිලයෙහි උගේ සම්පූර්ණ අස්ථි සැකිල්ල සුරක්ෂිතව පවතී.

මීටර් දෙකක් පමණ දිගකින් යුත් මෙම කැස්බෑ පොසිලය පරීක්ෂා කිරීමේදී ඒ තුළ වර්තමානයේ සාගරයේ වෙසෙන කැස්බෑවුන්ට සමාන ගති ලක්ෂණ රැසක් පවතින බවද විද්‍යාඥයෝ පවසති.



Recommended Articles