පැපුවා නිව්ගිනි රාජ්‍යයේ භූ කම්පනයක් - 14ක් නසී


පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ ග්‍රාමීය ප්‍රදේශයක ඇති වූ භූ කම්පනයකින් පසුව ඇති වූ කඳු නායයෑමකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විශාල රන් නිධි පවතින එන්ග්‍රා පළාතේදී සඳුදා උදෑසන කාලයේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර, එය රික්ටර් පරිමාණ 7.5ක භූ කම්පනයක් ලෙස සටහන් වී ඇත.

මේ අතර, තහවුරු නොවූ වාර්තාවල කියවුණේ සිද්ධියෙන් මියගිය පිරිස 30 ඉක්මවනු ඇති බවයි. එමෙන්ම, භූ කම්පනයෙන් දැඩි හානි සිදුව ඇති බවත් එම වාර්තාවල කියවුණි.

මෙම කම්පනයත් සමග එක්සන්මොබයිල් හි ද්‍රව ස්වභාවික වායු ගෑස් බලාගාරය තාවකාලිකව වසා දැමීමටද කටයුතු කර ඇති අතර, මෙහි ඇ.ඩො.බිලියන 19ක් පමණ වටිනා ගෑස් පවතින බව කියැවෙයි.

1_papua 2



Recommended Articles