වොලිබෝල් තරගයක් අතරතුර මරාගෙන මැරෙන ප්‍රහාරයක්


නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ වොලිබොල් තරගාවලියක් අතරතුර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

එරට පකිටාකා ප්‍රාන්තයේ, යාහ්යුකාලී දිස්ත්‍රික්කයේ මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති අතර, වොලිබෝල් තරගය නැරඹීම සඳහා විශාල ජනතාවක් රැස්ව සිටියදී බෝම්බකරු ඊට පැන තිබේ.

එමෙන්ම, බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ලයන් 50ක් පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.



Recommended Articles