පාකිස්ථාන අලුත විවාහපත් බිරිඳක් ස්වාමියාට වස දී මරලා?


වස මිශ්‍ර කළ කිරි පානයක් තම ස්වාමියා ඇතුළු ඥාතීන් 14 දෙනෙකු ඝාතනය කිරීමේ වරදට චෝදනා ලබමින් පාකිස්තානයේ අලුත විවාහපත් මනාලියක අත්අඩංගුවට පත්ව තිබේ.

ආසියා බීබී නමැති මෙම කාන්තාව මීට සතියකට පමණ පෙරද තම ස්වාමියා වෙත මේ ආකාරයේම කිරි ලබාදීමට කටයුතු කර ඇතැත් එවර ඔහුට එම කිරි පානය කිරීමට අවස්ථාවක් නොලැබී තිබේ. නමුත්, සිය උත්සාහය අත් නොහළ මෙම කාන්තාව පසුව ලසී පානයට වස යොදා සිය ස්වාමියාට මෙන්ම ඔහුගේ පවුලේ ඥාතීන්ට ලබාදී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලීසිය පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම කාන්තාව බලහත්කාරයෙන් මෙම පුරුෂයාට විවාහ කරදී ඇති බවද පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ ආකාරයේ විවාහ පාකිස්තානය තුළ සුලභ කාරණයක් වන අතර, විශේෂයෙන්ම එරට දුගී හා ගැමි පළාත්වල මෙය දැකිය හැකිය.  

1_lassi



Recommended Articles