පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ වත්කම් සම්බන්ධයෙන් නැඟෙන චෝදනා සමග ඔහුගේ පවුලේ වත්කම් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ උදවිය මෙතරම් ධනස්කන්ධයක් උපයනු ලැබූවේ කෙසේද යන්න පැවසීමට එම ඥාතීන් අපොහොසත් වීමත් සමග රටේ ඉහළම අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.
විශේෂයෙන්ම, පැනමා ලිපිගොනු මෙම අනාවරණයට බෙහෙවින් තුඩුදුන් අතර, අග්‍රාමාත්‍යවරයාගේ දරුවන් බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නගරයෙන් නිවාස මිලදී ගැනීමට විදේශීය සමාගම් යොදාගෙන ඇති බව සඳහන් විය.
කෙසේ වෙතත්, නවාස් ෂරීෆ් අග්‍රාමාත්‍යවරයා මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.