පාකිස්ථානයේ ලාහෝර් නගරයේදී එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නගරයේ දකුණුදිග කාර්ය බහුල ෆේරෝස්පූර් හි එළවළු වෙළෙඳ සැලක සිදුවූ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 50 දෙනෙකු තුවාල ලබා ඇති බවද පාකිස්ථාන බලධාරීහු පවසති.
මෙය මරාගෙන මැරෙන කාර් බෝම්බයක් ලෙස මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර, ප්‍රදේශයේ රාජකාරී කටයුතුවල නිරත පොලිස් නිලධාරීන් ප්‍රහාරයේ ඉලක්කය වන්නට ඇති බවද විශ්වාස කෙරෙයි.
ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන් පිරිසක්ද සිටිති.
ලාහෝර් නගරය පුරා පසුගිය කාලයේ පුපුරාගිය බෝම්බ ප්‍රහාර මාලාවේ තවත් ප්‍රහාරයක් ලෙස මෙය හැඳින ගැනෙයි.
පසුගිය අප්‍රේල් මාසයේදී එරට තුළ සංගණනයක් සිදුකළ රජයේ නිලධාරීන් ඉලක්ක කරමින් තලේබාන් සංවිධානය ප්‍රහාරයක් එල්ල කළේය.
එමෙන්ම, පසුගිය පෙබරවාරි මාසයේදී පුද්ගලයන් 13 දෙනෙකුට මරු කැඳවමින් තවත් 80කට තුවාල සිදුකරමින් ලාහෝර් නගරයේ පුපුරාගිය කාර් බෝම්බ ප්‍රහාරයේ වගකීමද තලේබාන් සංවිධානය විසින් භාරගෙන තිබුණි.