පාකිස්තාන ෂියා ඝාතනයේ අවමංගල්‍යයන් පැවැත්වේ


දකුණුදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් 60 දෙනාගේ අවමංගල්‍ය උත්සව පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය සිකුරාදා ෂියා මුස්ලිම් දේවස්ථානයේ දේවමෙහෙය අවස්ථාවේදී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණු අතර, මෑත කාලයේදී එරට එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස මෙය සැලකෙයි.

තලේබාන් සංවිධානය හා සම්බන්ධ සුන්නි සටන්කාමීන් මෙම ප්‍රහාරය සිදුකළ බව භාරගෙන තිබේ.

මේ අතර, සින්ධා ප්‍රදේශය පුරා ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවද පාකිස්තානයෙන් වාර්තා වෙයි.



Recommended Articles