පාකිස්තාන ෂියා පල්ලියකට බෝම්බ ගසයි - මරණ රැසක්


දකුණුදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

සිකුරාදා දේව මෙහෙයෙන් අනතුරුව සින්ධා ප්‍රාන්තයේ, ෂිකාර්පූර් දිස්ත්‍රික්කයේ දේවස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති අතර, ඉන් තුවාල ලැබූවන්ද රැසක් සිටින බව කියයි.

පාකිස්තානයේ තලේබාන් සංවිධාන සම්බන්ධ සුන්නි මුස්ලිම්වරු මෙම ප්‍රහාරය දියත් කළ බව පවසයි.

එරට මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. කෙසේ වෙතත් පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ෂණ අරඹා තිබේ.



Recommended Articles