උතුරු හා දකුණු පාකිස්ථාන ප්‍රදේශ කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්, වෙඩි තැබීම් මෙන්ම, රටේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් පැවති උද්ඝෝෂණයකදී පවා ජීවිත හානි රැසක් සිදුව තිබේ.
එරට ෂියා මුස්ලිම්වරුන් ඉල්කක කරමින් IS ඉස්ලාම් රාජ්‍යයේ සහ තලේබාන් සංවිධානයේ සහාය ලබන සුන්නි මූලධර්මවාදීන් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙයි.
සුන්නි මූලධර්මවාදීන් ලෙස සැලකෙන මෙම IS ඉස්ලාම් රාජ්‍ය සහ තලේබාන් ත්‍රස්තයන්ගේ විශ්වාසයට අනුව, ෂියා මුස්ලිම්වරු යනු වෙනත් දෘෂ්ටියක් දරන්නන් වන අතර, ඔවුන් මරා දැමීමට තරම් වන පිරිසක් ලෙස මෙම මූලධර්මවාදීන් සලකන බව බී.බී.සී.ය කියයි.
මෙම ම්ලේච්ඡ ප්‍රහාර ජීවිත රැසක් අහිමි වූ සිද්ධිය ලෙස නිරිතදිග පාකිස්තානයේ පරාචිනාර් ප්‍රදේශයේ වෙළෙඳ නගරයක් ආශ්‍රිතව සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, එරට ආරක්ෂාවේ පවතින දුර්වලතාවට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරවාරයේදීද තවත් පුද්ගලයන් සිව්දෙනෙකුට සිය ජීවිත අහිමි විය.
මේ සිදුවීමට පෙර ක්වෙට්ටා ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ බව විදෙස් වාර්තා පවසයි. එමෙන්ම, මෙම ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් රැසක්ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාකිස්තානයේ මෙම ප්‍රචණ්ඩත්වය මේ වනවිට කරච්චි නගර දක්වාද ව්‍යාප්ත වෙමින් පවතින අතර, සිකුරාදා සවස පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම එහි ප්‍රධාන සිදුවීම වෙයි.
පරාචිනාර් වෙළෙඳ නගරයේ සිදුවූ බෝම්බ ද්විත්වය එකකට පසුව එකක් වශයෙන් පුපුරා ගිය බවත්, පළමු පිපිරීමේ මුදාගැනීමේ මෙහෙයුම් සිදුවනවිට දෙවැනි පිපිරීම සිදුවූ බවත් සඳහන් වෙයි.
රාමදාන් උපවාසය අවසන් වන අවස්ථාවේදී මෙම ප්‍රහාර සිදුවීමද විශේෂත්වයක් වන අතර, ඒ වනවිට ෂියා මුස්ලිම්වරු බහුතරයක් ගැවසෙන වෙළෙඳ නගරයේ විශාල පිරිසක් රැඳී සිටි බවද සඳහන් වෙයි.
පාකිස්තානයේ සුළුතර ෂියා මුස්ලිම්වරුන් වෙත IS ඉස්ලාම් රාජ්‍ය සහ තලේබාන් ම්ලේච්ඡ ප්‍රහාරවලින් පිළිබිඹු වන්නේ ඉස්ලාම් දහමේ වුවද තම දෘෂ්ටියට පරිභාහිර පිරිස් මරාදැමීම ඔවුන්ගේ ඒකායන වෑයම බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.