පාකිස්තාන ජාතිකයෙකු විසින් බලහත්කාරයෙන් විවාහ කරගැනීමට උත්සාහ කළ ඉන්දියානු කාන්තාවකට යළි සිය රටට පැමිණිමට අවස්ථාව උදාවී තිබේ.
මැලේසියාවේදී ඇති වූ හාදකමක් හේතුවෙන් මෙම ඉන්දියානු කාන්තාව අදාළ පාකිස්තාන පුරුෂයා සමග පාකිස්තානය වෙත ගියත්, තමාට ඔහු සමග විවාහ වන ලෙසට බලපෑම් කළ බව මෙම තැනැත්තිය කියයි.
ඒ අනුව, මෙම චෝදනාව ඉස්ලාමාබාද් අධිකරණය දක්වා ගිය අතර, අවසානයේදී එම අධිකරණය විසින් ඇයට යළි සිය රටට යෑමට අවස්ථාව ලබාදී තිබුණි.
පාකිස්තානයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් හා පාකිස්තාන ආරක්ෂක අංශවලද සහාය අඇතිව ඇයව දේශසීමා පැන්නවීම සිදුකර ඇත.
ඇය පවසන්නේ තමා නොදන්නා පිරිමියෙකු සමග විවාහයට යන බොහෝ කාන්තාවන්ට අතිශය පිළිකුල් සහගත ජීවිතයක් උරුම වන බවයි. බොහෝ විට මෙම පාකිස්තාන පිරිමින්ට බිරින්ඳවරු තුන හතර සිටින බව පවස ඇය කියන්නේ තවත් දින කිහිපයක් තමා ඒ අන්තවාදීන් යටතේ සිටියා නම් තමාගේ ජීවිතය පවා අහිමි වීමට ඉඩ තිබූ බවයි.