පාකිස්තාන රෝහල් ප්‍රහාරයේ මරණ 70 ඉක්මවයි


පාකිස්තානයේ ක්වෙට්ටා නගරයේ රෝහලක් අසලදී ජීවිත 70ක් බිලි ගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම එරට ක්‍රියාත්මක තලේබාන් සංවිධානයක් විසින් භාරගෙන තිබේ.

එරට ප්‍රමුඛ පෙළේ නීතීඥයෙකුගේ දේහය බාරගැනීමට පැමිණ සිටි තවත් නීතීඥයන් පිරිසක් ඉලක්ක කරමින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබූ අතර, ඉන් නීතීඥවරුන් මෙන්ම එම ස්ථානයට පැමිණ සිටි මාධ්‍යවේදීන් රැසක්ද ගොදුරු වූහ.

බිලාල් කාස් නමැති නීතීඥවරයා පසුගියදා මරා දමා තිබුණේ අධිකරණය වෙත පැමිණෙමින් සිටියදීය. ඒ අනුව, පුද්ගලයන් 120කට පමණ තුවාල සිදුකරමින් ඔහුගේ දේහය භාරගැනීමට පැමිණි පිරිසටද ප්‍රහාරයක් එල්ල කළ බව එරට ක්‍රියාත්මක තලේබාන් සංවිධානයක් වන ජමාත් උල් අහ්රාර් සංවිධානය මෙම ප්‍රහාරයන්ගේ වගකීම භාරගෙන තිබේ.



Recommended Articles