පාකිස්තාන රූපවාහිනිය යළිත් වැඩ


රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් ඉවත් කිරීමත් සමග පාකිස්තාන ආරක්ෂක අංශ එරට රජයේ රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වෙමින්, එහි විකාශන කටයුතු යළි ආරම්භ කළ බව පවසයි.

පාකිස්තාන රජයේ රූපවාහිනියද උද්ඝෝෂකයන් අතට පත්වූයේ අගමැති ෂරීෆ් ඉවත් වන ලෙස බල කරමින් පැවති දැවැන්ත විරෝධතාව අතුරතුරදීය.

කෙසේ වෙතත්, හමුදා යෙදවීමෙන් පසුව නැවතත් රූපවාහිනියේ පාලන කටයුතු නිසි පිරිදි සිදුවන බව එරටින් වාර්තා වෙයි.

ගැටුම් උත්සන්න වූ පසුගිය දින කිහිපයේදී පොලීසිය හා විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් කිහිපයක්ද ඇතිවිය.

විරුද්ධ පක්ෂ දේශපාලඥයන් වන ඉම්රාන් ඛාන් සහ තහිරුල් ඛද්රි වෙත පක්ෂපාතී පිරිස් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.



Recommended Articles