පාකිස්තාන යානයක් ධාවන පථයේ ලිස්සා යයි


පාකිස්තානයේ ලාහෝර් නගරයේ, ඕල්මා ඉක්බාල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමේදී එරට, සහීන් එයාර් ගුවන් සේවයේ යානයක් අනතුරට පත්ව තිබේ.

මෙම අනතුරින් බරපතල හානියක් සිදු නොවූවත්, මගීන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පාකිස්තාන බලධාරීහු පවසති.

වාර්තාවන්ට අනුව අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ පුද්ගලයන් 100ක් පමණ ගමන් කර ඇති අතර, ගුවන් යානය ගොඩබැස්වීමේදී යානයේ රෝද ගිනිගැනීමෙන් යානය ධාවන පථයේ ඇදී ගොස් ගිය බව කියැවෙයි.

කෙසේ වෙතත්, යානයේ සෙසු සියලු මගීන් ආරක්ෂිතව යානයෙන් පිටතට ගැනීමට බලධාරීන් කටයුතු කර ඇත.



Recommended Articles