පාකිස්තාන මන්ත්‍රී රථ පෙළට IS ප්‍රහාරයක් - ජීවිත හානි 25


පාකිස්තානයේ බලුකිස්ථාන් පළාතේදී මන්ත්‍රීවරු පිරිසක් ඉලක්ක කළ එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පාකිස්තාන උත්තර මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති වරයා වන සෙනෙට් සභික අබ්දුල් ගෆූර් හයිඩර් රැගත් රථ පෙළ මස්ටන්ග් පළාතේ වූ ආගමික පාසලකින් පිටතට පැමිණෙන විට මෙම ප්‍රහාරය එල්ල වී තිබුණි.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 40ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්‍රහාර ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් විසින් එල්ල කර තිබේ. එය මාර්ගයේ ඇට වූ ක්ලේමෝ බෝම්බයක් බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නොමැති අතර, ඔහු සුළු තුවාල ලබා ජීවිතය බේරාගෙන තිබේ.

මෙම රථ පෙළෙහි විශාල පිරිසක් ගමන් කළ නිසා ඔවුන් වැඩි දෙනෙකු මීට ගොදුරු වූ බව මන්ත්‍රීවරයා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූවන් හදිසි ප්‍රතිකාර සඳහා ගුවනින් කුවෙට්ටා හි රෝහල් වෙත රැගෙන ගොස් තිබේ.



Recommended Articles