පාකිස්තානයේ, ක්වෙට්ටා නගරය ආසන්නයේදී පිපිරී ගිය බෝම්බයෙන් නීතීඥවරු රැසක් ජීවිතක්ෂයට පත්වීමත් සමග එරට තුළ අධිකරණ වර්ජනය කිරීමට නීතීඥවරු කටයුතු කර තිබේ.
පාකිස්තානයේ, බලුකිස්ථාන් පළාතේ අගනගරය ලෙස සැලකෙන ක්වෙට්ටා හි වෙළෙඳ සැල් සහ පාසල්ද මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හමුවේ වසා දමා තිබුණේ, මියගිය අය වෙනුවෙන් ශෝකය පළ කිරීමටය.
පාකිස්තානයේදී පසුගියදා ඝාතනයට ලක්වූ සුප්‍රකට නීතීඥයෙකු වූ බිලාල් කාසිගේ දේහය බාරගැනීම සඳහා රෝහල් හදිසි අනතුරු ඒකකය අසල රැස්ව සිටි ජනතාව හමුවට මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වූයේ සඳුදා උදෑසනය.
එරට තලේබාන් සංවිධානය හා සම්බන්ධ ජමාත් උල් අහ්රාර් සංවිධානය විසින් මෙම ප්‍රහාර දෙකේම වගකීම බාරගෙන තිබුණි.