පාකිස්තාන පාසලේ තලේබාන් ප්‍රහාරය මැඩපවත්වයි - මරණ 135 යි


පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පාසලක් වෙත අද (16දා) එල්ල වූ ම්ලේච්ඡ තලේබාන් ප්‍රහාරය සම්පූර්ණයෙන්ම මැඩ පැවැත් වීමට සමත්වූ බව එරට ආරක්ෂක අංශ අවධාරණය කරයි.

කෙසේ වෙතත්, මෙම තලේබාන් ප්‍රහාරයෙන් එම පාසල් සිසුන් වැඩි පිරිසක් ඇතුළුව 135 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආරක්ෂක අංශ පෙන්වා දෙන පරිදි ප්‍රහාරයෙන් සිසු සිසුවියන් 100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.

මෙම ප්‍රහාරය සඳහා තලේබාන් සටන්කරුවන් 6 දෙනෙකු පැමිණි ඇති අතර, හමුදා ප්‍රහාරවලින් ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හදිසි සාකච්ඡාවක් කැඳවා ඉදිරි දින 3ක කාලය රට තුළ ජාතික ශෝක කාලයක් නම් කර තිබේ.

එමෙන්ම, මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පාසල් දරුවන්ගේ සුවදුක් විමසීමට පැමිණි ෂරීෆ් අගමැතිවරයාගේ උපදේශකයෙකුට ක්ලෝමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතත් ඔහුගේ ජීවිතය බේරී ඇති බවද ප්‍රංශ පුවත් සේවය පවසයි.

තලේබන් ත්‍රස්තයන් මෙම ප්‍රහාරයේදී ගුරුවරුන් දෙදෙනකු සිසුන් ඉදිරිපිටදීම ඝාතනය කර ඇති අතර, අයෙකුට වෙඩි තබා තවත් ගුරුවරයෙකුගේ සිරුරට ගිනි තබා ඇති බවද විදෙස් පුවත් සේවා පවසයි.



Recommended Articles